අතුරුදහන් OSCE නියෝජිතයන් ගැන තොරතුරක් නැහැ

Image copyright AP
Image caption OSCE නියෝජිතයන් පිරිසක් යුක්රේනයේ.

යුරෝපයේ ආරක්ෂාව සහ සහයෝගීතාවය සඳහා වූ සංවිධානයේ පසුගිය සඳුදා අතුරුදහන් වූ නියෝජිතයන් හතර දෙනා සිටින තැනක් තමන්ට දැන ගැනීමට නොමැති බව නැගෙනහිර යුක්රේනයේ රුසියානු බෙදුම්වාදී නායක ඩෙනිස් පුෂිලින් පවසයි.

අතුරුදහන් වී ඇති නියෝජිතයන් හතර දෙනා ස්විස්, තුර්කි, එස්තෝනියානු සහ ඩෙන්මාර්ක් ජාතිකයන් වන බවයි පැවසෙන්නේ .

ඔවුන් සමඟ සම්බන්ධතා ඇනහිටින විට ඔවුන් ‘දනියෙස්ක්’ නගරය සහ ‘ලුහාන්ස්ක් අබ්ලාස්ට්’ දේශ සීමාව අතරේ නැගෙනහිර දෙසට ගමන් ගනිමින් සිට ඇත.

ඩෙන්මාර්ක් බලධාරීන් පවසන්නේ අතුරුදහන්වූවන් බෙදුම්වාදී තුවක්කු කරුවන් විසින් රඳවා ගනු ලැබ සිටින බවයි.

යුරෝපයේ ආරක්ෂාව සහ සහයෝගීතාවය සඳහා වූ සංවිධානයේ ප්‍රකාශකයෙක් අඟහරුවාදා ප්‍රකාශයක් කරමින්, සිය නියෝජිතයන් හතර දෙනා හැකි ඉක්මනින් ආපසු එවීමට පියවර ගනු ඇතැයි බලාපොරොත්තු තබන බවයි කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර