නැගෙනහිර යුරෝපය තුළ ඇමරිකානු යුධ ශක්තිය වැඩි කෙරේ

Image copyright Reuters

නැගෙනහිර යුරෝපය තුල සිටින ඇමරිකානු යුධ ඇණි ශක්තිමත් කිරීමේ අරමුණින් වැය කිරීමට නියමිත ඇමරිකානු ඩොලර් බිලියනයක සැලසුමක් පිළිබඳ ඇමරිකානු ජනපති බරක් ඔබාමා හෙළිදරව් කර සිටි.

ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පෝලන්ත සංචාරයක යෙදෙන අතරතුරදීයි.

කොමියුනිස්ට් රාජ්‍ය බිඳ වැටී වසර විසි පහක් ගත වීමේ සැමරුම සංකේතවත් කිරීමටයි ජනපති ඔබාමා පෝලන්තයට පැමිණියේ.

නමුත් ඇමරිකානු ජනාධිපතිවරයාගේ පෝලන්ත සංචාරයට නැගෙනහිර යුක්‍රේනය තුල පවතින අර්බුදකාරී තත්වය ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි විශ්ලේෂකයන් පවසන්නේ.

පෝලන්තය ඇතුළු මධ්‍යම හා නැගෙනහිර යුරෝපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇමරිකාවේ කැපවීම ඉතා උසස් මට්ටමකින් ඇති බව හා ඒ සඳහා ඉහළ ප්‍රමුඛතාවයක් ලැබෙන බවත් පෝලන්ත ජනාධිපතිවරයා සමග ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ජනපති ඔබාමා කියා සිටියේය.

යුක්‍රේනයේ පවතින අර්බුදකාරී තත්වයත් සමග ඇමරිකානු අතිරේක බළඇණි සහ ප්‍රහාරක ගුවන් යානා පෝලන්තය තුළ යොදා තිබෙන බවයි ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් වැඩි දුරටත් කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර