කතක් මැරූ කැරලිකරුවන් සමඟ පොලිසිය සටනේ

Image copyright AFP
Image caption ඉන්දීය හමුදා විසින් අත්පත් කරගත් ගාරෝ ජාතික නිදහස් හමුදාවට අයත් අවි

කාන්තාවකට වෙඩි තබා ඝාතනය කළ ඉන්දියාවේ ඊසාන දිග පිහිටි මේඝාලයා ප්‍රාන්තයේ බෙදුම් වාදී කැරලි කණ්ඩායමකට එරෙහිව තම භටයන් සටන් වැදී සිටින බව ප්‍රාන්ත පොලිසිය පවසයි.

කැරලිකරුවන් ලිංගික අතවරයක් කිරීමට උත්සාහ කරද්දී ඊට එරෙහි වීම නිසා මෙම හතළිස් හැවිරිදි කාන්තාවගේ හිසට වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.

ගාරෝ ගෝත්‍රිකයන් වෙනුවෙන් නව ප්‍රාන්තයක් පිහිටුවීමට උත්සාහ කරන ගාරෝ ජාතික නිදහස් හමුදාවේ කැරලිකරුවන් පස් දෙනෙකු සමඟ මෙම කාන්තාව මෙම අවස්ථාවේදී සටන් වැදී ඇත.

ඉන්දියාවේ කාන්තාවන් සාහසික හිංසනවලට ලක් වූ සිදුවීම් කිහිපයක්ම පසුගිය වසර කිහිපය තුළ වාර්තා වී ඇති අතර ඊට එරෙහිව මහජන විරෝධතා මතු වී තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර