ඉන්දුනීසියානු ජාවාරම් කරුවන්ට සිර දඬුවම්

Image copyright AFP
Image caption නීති විරෝධී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක්

අනවසර සංක්‍රමණිකයන් නීතිවිරෝධීව පිටරට ගෙනයාමේ ජාවාරමකට සම්බන්ධ ඉන්දුනීසියානු ජාතිකයන් දෙදෙනෙකුට ඕස්ට්‍රේලියානු අධිකරණයක් විසින් දීර්ඝ කාලීන සිර දඬුවම් නියම කොට ඇත.

එම පුද්ගලයන් දෙදෙනා විසින් අනවසර සංක්‍රමණිකයන් කණ්ඩායමක් ඉන්දුනීසියාවේ සිට ඔස්ට්‍රේලියාවට ගෙන යමින් තිබුන බෝට්ටුවක් මුහුදුබත් වීමෙන් සීයකට අධික ජීවිත විනාශයක් සිදු වී තිබුණි.

දැවයෙන් නිමවා තිබුන ඉතාම අබලන් තත්වයක පැවති බෝට්ටුවේ කාර්ය මණ්ඩලයට ඉහත කී චුදිතයන් දෙදෙනාත් ඇතුලත් විය.

ඕස්ට්‍රේලියාවේ 'පර්ත්' නගරයේ අධිකරණයක් 'බෝයි දජරා' නම් එක් චුදිතයකු ඔහුට එරෙහි චෝදනාවන්ට වැරදි කරු බව තීරණය කොට ඔහුට වසර නමයක සිර දඬුවම් නියම කරන ලද අතර, 'ජස්තෙන්' නමැති ඔහුගේ සහයකයා වසර හයක සිර දඬුවමකට යටත් කෙරිණ.

මෙයින් වසර දෙකකට පෙර සිදු වූ ඉහත කී අනතුරේදී ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් සියයකට අධික ජීවිත ගලවා ගත් බවත් වාර්තා විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර