බ්‍රසීලයේ ශරීර අවයව ජාවාරමක්

Image caption අවයව ලබාගැනීමට කැනීම් කල සොහොන් පිටියක්

මළ සිරුරු වලින් අනවසරයෙන් ඉවත් කර ගත් ශරීර අවයව විකිණීම සම්බන්ධ පුවතක් බ්‍රසීලයෙන් වාර්තා වේ.

මෙලෙස ශරීර අවයව විකිණීම සම්බන්ධයෙන් ඇඟිල්ල දිගු වෙන බ්‍රසීලයේ ඉතා ම කීර්තිමත් වෛද්‍ය විද්‍යාලයක් පිළිබඳ ව ‘සාඕ පවුලෝ’(Sao Paolo) නගරයේ නීති නිලධාරීන් විසින් පරීක්ෂණ ආරම්භ කරනු ලැබ තිබෙනවා.

හඳුනා ගැනීම සඳහා පවුලේ ඥාතීන් ඉදිරිපත් නො වුන පුද්ගලයන්ගේ මළසිරුරු වලිනුයි සිරුරු අවයව ඉවත් කර ගනු ලැබ තිබෙන්නේ.

පසුගිය වසර පහළොව ඇතුළත එවැනි සිද්ධීන් තුන්දහසකට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව පරීක්ෂකයන්ගේ අදහසයි.

Image caption කැනීම් වල යෙදෙන සොහොන් සේවකයන්

මිනිස් අවයව විකිණීම බ්‍රසීලයේ තහනම් ජාවාරමක්.

ආරම්භ කරනු ලැබ ඇති පරීක්ෂණයේ අවධානය යොමුව තිබෙන්නේ, ‘සාඕ පවුලෝ’(Sao Paolo) සරසවියේ වෛද්‍ය පීඨය විසින් පවත්වා ගෙන යනු ලබන මරණ පරීක්ෂණ අංශය දෙසටයි.

තමන් වරදක් කර නැති බව පවසන මරණ පරීක්ෂණ අංශය දැන් එහි කටයුතු දැඩි කරනු ලැබ ඇති බවත් පිළිගන්නවා.