අප්‍රිකානු අලි වඳ වීමේ අවදානමක්

Image caption තර්ජනයට මුහුණපා ඇති අප්‍රිකානු අලියෙක්

ඇත් දළ ලබා ගැනීමේ අරමුණින් සිදු වන අලි දඩයම වර්තමාන තත්වයෙන් පැවතුන හොත් ඉතා ඉක්මනින් අප්‍රිකානු අලි මිහිතලයෙන් වඳ වී යනු ඇතැයි ජාත්‍යන්තර සංවිධානයක් අනතුරු අඟවයි.

පසුගිය වසර තුළ පමණක් අප්‍රිකානු අලි විසි දහසක් පමණ මරා දමා ඇති බවයි සයිට්ස් (CITES) නමින් හැඳින්වෙන වඳ වී යාමේ තර්ජනයට ලක් ව සිටින සතුන් වෙළඳාම පිළිබඳ ප්‍රකාශනය පළ කළ වාර්තාවෙන් පෙන්වා දෙන්නේ.

දඩයම් කර ඇති අලි ගණන කලාපයේ අලි උපත් සංඛ්‍යාවට වඩා ඉහළ අගයක් ගන්නා බව ද එම වාර්තාවෙන් පැවසේ.

අප්‍රිකානු කලාපයේ දී අත් අඩංගුවට ගනු ලැබ ඇති ඇත් දළ ප්‍රමාණයේ වැඩි වීමක් දක්නට ලැබෙන බව තමන් ලේඛන ගත කර ඇති තොරතුරු වලින් හෙළි වන බවයි සයිට්ස් සංවිධානය පවසන්නේ.

ඇත් දළ ජාවාරම පිටුපස රටවල් කිහිපයක සිට ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ කල්ලි සිටින බවට සයිට්ස් සංවිධානය සැක පහළ කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර