කරච්චි ප්‍රහාරයේ සැළසුම්කරු මරුට

Image copyright Getty
Image caption 'ගුවන් ප්‍රහාරයෙන් විදේශීය හා පාකිස්තානු සටන්කරුවන් අසු දෙනෙකු මරුට'

සතියකට පෙර පාකිස්තානයේ කරච්චි ගුවන් තොටුපල ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරය සැලසුම් කළ බවට සැක කළ පුද්ගලයා මරා දැමූ බව පාකිස්තානු බලධාරීහු පවසති.

ඇෆ්ගනිස්තානු දේශ සීමා ආසන්නයේ එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් මිය ගිය විදේශීය හා පාකිස්තානු සටන්කරුවන් අසු දෙනෙකු අතර කරච්චි ප්‍රහාරය සැලසුම් කළ බවට සැක කරන අබු අබ්දුල් රෙහෙමාන් අල් මානි නැමති උස්බෙකිස්තානු ජාතිකයා ද සිටින බවයි පැවසෙන්නේ.

උතුරු වසිරිස්ථානයේ ගෝත්‍රිකයන් බහුලව වෙසෙන කලාපය, තාලිබාන් හා අල් කයිඩා සංවිධාන සමග සම්බන්ධකම් පවත්වන අන්තවාදීන්ගේ බල කොටුවක් ලෙස හැදින්වේ.

පුද්ගලයන් හතළිස් දෙනෙකුට පමණ මාරු කැඳවූ කරච්චි ප්‍රහාරය තමා විසින් සැලසුම් කළ බවයි පාකිස්තානු තාලිබාන් කැරලිකරුවන් හා උස්බෙකිස්තනු සටන්කරුවන් කියා සිටියේ.

මේ අතර අද පෙරවරුවේ එල්ල කළ ගුවන් ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ප්‍රතිප්‍රහාරයක් දියත් කරන බවට නිවේදනයක් නිකුත් කරමින් තාලිබාන් සංවිධානය ප්‍රතිඥා දී තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර