සරණාගතයන්ගේ වාර්තාගත වැඩිවීමක්

යුද ගැටුම් හේතුවෙන් අවතැන්වූ සහ වධ බන්ධන හේතුවෙන් පලා ගිය ජනයාගේ සංඛ්‍යාව ඉකුත් වසරේදී මිලියන පනහ ඉක්මවා ගොස් ඇතැයි සරණාගතයන් පිලිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරයි.

මෙය දෙවැනි ලෝක යුද්ධයෙන් පසු වාර්තාව ඉහලම සංඛ්‍යාවයි.

මිලියන 17 ක් පමණ ජනතාව තම මව්බිමින් පලා ගොස් ඇති අතර මිලියන 33 කට වැඩි සංඛ්‍යාවක් අභ්‍යන්තරව අවතැන්ව සිටිති.

ප්‍රධාන වශයෙන්ම මේ තත්වයට හේතුවී ඇත්තේ සිරියාවේ යුද්ධයයි.

ඊට අමතරව මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සහ දකුණු සුඩානයේ හට ගත් අර්බුද ඊට බලපා තිබේ.

අනාථයන්ගේ සංඛ්‍යාව ඉකුත් වසරට වඩා විශාල ලෙස වැඩිවීම මගින්, යුද ගැටුම් අවසන් නොකිරීම හේතුවෙන් දැරීමට සිදුව ඇති අධික වියදම සහ ඒවා අවසන් කිරීමට අපොහොසත් වීම පිලිබඳ සංඥාවක් ලබා දෙන බව සරණාගතයන් පිලිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර