MH370 යානය ඉන්දියන් සාගරයේ ද?

Image copyright AFP

අතුරුදහන් වූ මැලේසියානු ගුවන් යානය ඉන්දියන් සාගරයේ දකුණු කලාපයට කඩා වැටී ඇතැයි සැක කරන බව ඕස්ට්‍රේලියාව පවසයි.

අතුරුදහන් වූ ගුවන් යානයෙන් අනාවරණය කර ගත් නවතම චන්ද්‍රිකා දත්ත වලට අනුව කිලෝමීටර් 1800ක සෙවුම් කලාපය තීරණය කළ බව ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති වොරන් ට්‍රස් පවසයි.

තවදුරටත් අදහස් දක්වන නියෝජ්‍ය අගමැතිවරයා පවසන්නේ, ගුවන් යානය කඩා වැටෙන අවස්ථාවේ එය ස්වයංක්‍රීය පියසර පද්ධතියට (autopilot) යොමු කර තිබු බව තමන් තරයේ විශ්වාස කරන බවයි.

මගීන් දෙසිය තිස් නම දෙනකු රැගත් MH370 මැලේසියානු ගුවන් යානය පසුගිය මාර්තු මාසයේ අට වනදායි අතුරුදහන් වුණේ.

මැලේසියාවේ ක්වාලාලම්පූර් ගුවන් තොටුපලින් ගමන් ආරම්භ කළ අතුරුදහන් වූ ගුවන් යානය චීනයේ බීජිං නුවර බලා යාමට නියමිත ව තිබිණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර