ඉන්දියාවේ ගෑස් නල මාර්ගයක් පුපුරා යයි

Image caption අවට ගම්මාන කිහිපයක වැසියෝ ද සිය නිවාස අත්හැර දමා පලා ගියහ

ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ගෑස් නල මාර්ගයක හටගත් පිපිරීමක් සහ ගින්නක් හේතුවෙන් දාහතර දෙනකුවත් මරුමුවට පත් වී තිබේ.

ගින්නට හසු වූ නිවාස ගණනාවක්ද විනාශ වූ අතර, නල මාර්ගය අවට පිහිටි ගම්මාන කිහිපයක වැසියෝ ද සිය නිවාස අත්හැර දමා පලා ගියහ.

ඉන්දියාවේ ගෑස් අධිකාරියට අයත් නැගෙනගිර ගෝදාවරී දිස්ත්‍රික්කයේ පිහිටි එම නල මාර්ගයේ හටගත් පිපිරීමෙන් අනතුරුව පැතිර ගිය ගින්න පාලනය කිරීමට පැය කිහිපයක් ගතවිය.

මියගිය හෝ තුවාල ලැබූ පිරිස් තවත් සිටින්නේදැයි බේරා ගැනීමේ සේවකයෝ තවමත් සොයමින් සිටින අතර, අනතුරට හේතුව තවමත් පැහැදිලි නැහැ.

කෝපයට පත් අසල්වාසී ගම්වැසියන් ඒ අසල පිහිටි ගෑස් සමාගමේ කාර්යාලයට ගල්මුල්වලින් දමා ගසමින් ප්‍රතිචාරය පළ කළ බව ඇතැම් වාර්තාවල දැක්වේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර