බීජේපිය ගැන ඔත්තු බැලූ බවට ඇමෙරිකාවට චෝදනා

Image copyright Getty

ඇමෙරිකානු ජාතික ආරක්ෂක ආයතනය භාරතීය ජනතා පක්ෂය පක්ෂය(BJP) සම්බන්ධයෙන් ඔත්තු බලන ලද බවට පළ වූ වාර්තාවක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා ඉන්දියාව ජ්‍යෙෂ්ඨ ඇමෙරිකානු තානාපති නිලධාරීන් කැඳවන ලද බවක් වාර්තා වෙයි.

එම ඔත්තු බැලීම් සිදු කරනු ලැබ තිබෙන්නේ භාරතීය ජනතා පක්ෂය විපක්ෂයේ සිටියදී .

එකී වාර්තා මගින් එල්ල කෙරෙන චෝදනා අනුමත කළ නොහැකි බව කියා සිටි ඉන්දියානු නිලධාරීන් එවැනි දේ යළි සිදු නොකරන බවට සහතික වීමක් ඉල්ලා සිටි බවයි වාර්තා වන්නේ.

ඉහත කී ඔත්තු බැලීම් පිළිබඳ චෝදනාවලට පදනම් වන්නේ “වොෂිංටන් පෝස්ට්” පුවත්පතේ පළ කෙරුණ වාර්තාවක්.

එඩ්වර්ඩ් ස්නෝඩන්

ඇමෙරිකාවේ හිටපු ඔත්තු බලන්නකු වූ එඩ්වර්ඩ් ස්නෝඩන් විසින් හෙළිදරව් කරනු ලැබුණ තොරතුරකුයි “වොෂිංටන් පෝස්ට්” පුවත්පතේ පළ කරනු ලැබ තිබුණේ.

ඇමෙරිකානු ජාතික ආරක්ෂක ආයතනය විසින් ඔත්තු බැලීම සඳහා ඉලක්ක කර ගත් විදේශීය ආයතන අතර භාරතීය ජනතා පක්ෂය පක්ෂයත් වූ බවයි, එඩ්වර්ඩ් ස්නෝඩන් ප්‍රකාශ කර තිබෙන්නේ.

භාරතීය ජනතා පක්ෂය පසුගිය මැයි මාසයේ පැවැත්වුන ඉන්දීය මහමැතිවරණයෙන් ජය ගත් අතර එතැන් පටන් බරක් ඔබාමා පරිපාලනය ඉන්දියාවත් සමඟ සබඳතා වර්ධනය කර ගැනීමට උත්සාහ දරමින් සිටින බවයි වාර්තාකරුවන් පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර