‘මැරෙන්නේ සාමාන්‍ය වැසියන්’

Image copyright Reuters

ගාෂා තීරයට එල්ල කෙරුණ ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර මගින් මරා දැමුණ පලතීන ජාතිකයන්ගෙන් හතරෙන් තුනක්ම සාමාන්‍ය වැසියන් යයි එක්සත් ජාතීන්ගේ ආයතනයක් පෙන්වා දෙයි.

පලස්තීන නිලධාරීන් කියා සිටින්නේ, ඊශ්‍රායලය විසින් තම වැසියන් එකසිය විසි දෙනකුට අධික සංඛ්‍යාවක් මරා දමන ලද බවයි.

හමාස් ව්‍යාපාරය විසින් තම භූමියට සිය ගණනින් රොකට් මගින් පහර දෙනු ලැබීම නතර කිරීම සඳහා ගුවනින් පහර දුන් බවයි ඊශ්‍රායල් ආණ්ඩුවේ ප්‍රකාශක මාර්ක් රෙගිව් කියා සිටියේ.

මිනිස් පළිහක්

Image copyright AFP

ජනාවාශවල යුද අවි අටවා ගනිමින් සාමාන්‍ය ජනතාව පලිහක් හැටියට පාවිච්චි කරන බවට ඊශ්‍රායලය පලස්තීන සන්නද්ධ කණ්ඩායම්වලට චෝදනා කරයි

එහෙත් බ්‍රිතාන්‍යයේ සිටින ජ්‍යෙෂ්ට පලස්තීන නිලධාරියකු වන මහාචාර්ය මැනුවෙල් හස්සාසියන් (hassassian) බීබීසියට කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ, ගාෂා තීරය ඉතා ජනාකීර්ණ කුඩා බිම් කඩක් වන අතර , හමාස් ව්‍යාපාරය ඉලක්ක කර ගත් ඕනෑම ප්‍රහාරයකට සාමාන්‍ය ජනතාව ගොදුරු වීම වැලැක්විය නොහැකි බවයි.

ඇමෙරිකාව ,බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය පලස්තීන මරණ ගැන කණගාටුව පළ කළත් ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර ජාත්‍යන්තර මට්ටමින් දැඩි හෙලා දැකීමකට ලක් නොකෙරිණ.

ඊයේ සිකුරාදා ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, ඊශ්‍රායලයට ඔවුන්ගේ ආරක්ෂාව සහතික කර ගැනීමේ අයිතියක් ඇති බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර