මරාගෙන මැරෙන බෝම්බයකින් අසූ නවයක් මරුට

Image caption පාරිභෝගිකයන් පිරුණු වෙළඳපළක් තුල දී බෝම්බය පුපුරවා හැර තිබේ

ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර දිග පක්ටිකා පළාතේ එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අසූ නව දෙනෙකු මිය ගොස් තිබේ.

පොලිසියට සැක සිතී ලුහුබඳින ලද පුද්ගලයකු ඔහු පැද ආ බෝම්බය රැගත් මෝටර් රථය වෙළඳපළක් තුල දී පුපුරවා හැර තිබේ.

පිපිරීම හටගත් අවස්ථාවේ එම වෙළඳපළ රාමසාන් උත්සවයට රෙදිපිළි ගැනීමට පැමිණි පාරිභෝගිකයන්ගෙන් පිරී තිබුනේය.

හකානි සටන් ජාලයේ බලකොටුවක් ලෙසයි නිරන්තර ප්‍රහාරයන්ට ලක් වන පිපිරීම සිදු වූ ‘පක්ටිකා’ පළාත හැදින්වෙන්නේ.

මීට ඉහතදී කාබුල් අගනුවර මාර්ගයක සිදු වූ බෝම්බ පිපිරීමකින් පදවියෙන් ඉවත්ව යන හමීඩ් කර්සායි ගේ ආධාරකරුවන් දෙදෙනෙකු මරණයට පත් විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර