ගාසා වැසියන්ට ඊශ්‍රායල හමුදාවෙන් අනතුරු ඇඟවීමක්

Image copyright AFP

නැගෙනහිර සහ උතුරු ගාසා තීරයේ වෙසෙන ජනතාවට අනතුරු අඟවමින් ඔවුන්ට නිවාස අතහැර ලෙස උපදෙස් දුන් බව ඊශ්‍රායල හමුදාව කියා සිටිති.

හමුදාව මෙම පියවර ගෙන තිබෙන්නේ ගසා තීරයේ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමට ගත් උත්සාහය බිඳ වැටීමෙන් අනතුරුවයි.

දිගින් දිගටම හමාස් සංවිධානය එල්ල කරන රොකට් ප්‍රහාර වලට දක්වන ප්‍රතිචාරයක් ලෙස පලස්තීන සටන්කාමීන් රොකට් ප්‍රහාර එල්ල කිරීම සඳහා යොදා ගන්නා ස්ථාන කිහිපයකට පහර දුන් බව ද ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළහ.

හමාස් ව්‍යාපාරයේ නිර්මාතෘවරයෙක් වන මහමුද් සහාර් ඇතුළු හමාස් නායකයන් ගණනාවකගේ නිවාස ඊශ්‍රායලයේ ඉලක්ක බවට පත් ව තිබේ.

ඊශ්‍රායලය යුධ මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් පලස්තීන ජාතිකයන් ගණන දෙසිය දෙදෙනෙකු යැයි පලස්තීන සෞඛ්‍ය සේවා බලධාරීහු කියා සිටිති.

එම කාලය තුළ මරණයට පත් ව ඇත්තේ එක ඊශ්‍රායල ජාතිකයෙක් පමණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර