ගාසාහි පැය පහක සටන් විරාමයක්

Image copyright Reuters

පලස්තීන හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායලය අතර පැවති පැය පහක සටන් විරාමය අවසන් වීමත් සමඟ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ගාසා තීරයේ නිවසක සිටි පලස්තීන ළමුන් තිදෙනකක් මිය ගියහ.

සටන් විරාමය පැවතී කාලය තුළ ගාසා තීරයේ සිට රොකට් ප්‍රහාර තුනක් එල්ලවූ බව පැවසූ ඊශ්‍රායලය ඉන් පසුවත් රොකට් ප්‍රහාර එල්ලවන බවයි කියා සිටියේ.

මේ අතර, ඊශ්‍රායල සහ හමාස් නියෝජිතයන් ඊජිප්තුවේ සාකච්ජා පවත්වමින් සිටින අතර, තිර සටන් විරාමයක් කරා ලඟා වන බවක් පෙනෙන්නට ඇති බවටද වාර්තා වෙයි.

ඊශ්‍රායල හමුදා පවසන්නේ උදෑසන දහයේ සිට පස්වරු තුන දක්වා වෙඩි තැබීම් නවතා ගාසා තීරයේ වැසියන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැස් කර ගැනීමට ඉඩ දුන් බවයි.

මෙම කාලය ඇතුළත හමාස් කණ්ඩායමේද රොකට් ප්‍රහාර නතර කරන බව හමාස් ප්‍රකාශක සාමි අබූ සුහ්රි විසින් තහවුරු කර තිබිණ.

පසුගිය බදාදා ගාසා මුහුදු වෙරළේ සෙල්ලම් කරමින් සිටි එකම පවුලේ පලස්තීන ළමුන් හතර දෙනෙක් ඊශ්‍රායල ප්‍රහාරයකින් මිය ගියහ.

ඊශ්‍රායල ජනාධිපති ෂිමෝන් පෙරේස් බීබීසීයට කියා සිටියේ ප්‍රහාරය හිතා මතා ළමුන් ඉලක්ක කරගෙන සිදු නොකළ බවත් ඒ සම්බන්ධයෙන් තමන් කනගාටුවන බවත්ය.

ඊශ්‍රායල හමුදා පවසන්නේ තම අරමුණ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගෙන ප්‍රහාර එල්ල කිරීම වුවත් එමගින් සිදු වන ජීවිත හානි ශෝක ජනක ප්‍රතිඵලයක් බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර