කාබුල් ගුවන්තොටුපොල අසල ප්රචණ්ඩ ගැටුම්

කාබුල් ගුවන්තොටුපොලට ප්රහාරයක් එල්ල කළ සටන්කාමීන් හා විශේෂ පොලිස් කණ්ඩායම් අතර ප්රචණ්ඩ වෙඩි හුවමාරුවකින් සටන්කාමීන් සියලු දෙනා මිය යති.
අද අළුයම කාර් බෝම්බයක් පුපුරවා හරිමින් අධි ආරක්ෂිත ගුවන් තොටුපොල ආසන්නයේ පිහිටි හිස් ගොඩනැගිල්ලක් සටන්කාමීන් විසින් අත්පත් කර ගැනීමත් සමග ප්රහාරය ආරම්භ විය.
මෙලෙස තුවක්කු කරුවන් විසින් අත්පත් කර ගෙන ඇත්තේ නේටෝ හමුදා ගුවන් යානා මෙන්ම මගී ගුවන් යානා නැවවීමට භාවිතා කළ ගොඩනැගිල්ලකි.
ඇෆ්ගනිස්තාන පොලිසිය පවසන්නේ ගොඩනැගිල්ලේ සිට ඔවුන් ආර් පී ජී ප්රහාර එල්ල කළ බවයි.
තාලිබාන් සංවිධානය ප්රහාරයේ වගකීම භාර ගෙන තිබේ.