මැලේසියානු තවත් ගුවන් යානයක් කඩා වැටෙයි

Image copyright AP

නැගෙනහිර යුක්‍රේනයේ රුසියානු දේශ සීමාව අසල දී මගීන් තුන්සීයක් රැගත් ගුවන් යානයක් මිසයිල ප්‍රහාරයකට ලක්ව විනාශ වූ බව වාර්තා වේ.

මීටර් 10,000 ක් උසින් පියාසර කරන අතර තුර ගුවන් යානය මිසයිල ප්‍රහාරයකට ලක්ව ඇති බවයි යුක්‍රේන බලධාරීන් පවසන්නේ.

නමුත් මෙය නිල නොවන තොරතුරක් ලෙසයි වාර්තා වී ඇත්තේ.

වාර්තා මගින් පැවසෙන්නේ රුසියාවට පක්ෂපාතී කැරලි කරුවන් විසින් පාලනය කෙරෙන ප්‍රදේශයකින් ප්‍රහාරය එල්ල වී ඇත්තේ යුක්‍රේන හමුදා සහ කැරලි කරුවන් අතර පැවති සටනක් අතරතුර බවයි.

පසුගිය සති කිහිපය තුළ යුක්‍රේන හමුදා ගුවන් යානා ගණනාවක් මිසයිල ප්‍රහාරයන්ට ලක්ව විනාශ විය.

යුක්‍රේනය චෝදනා කරන්නේ මෙම ප්‍රහාර එල්ල කිරීමට භාවිතා කරන මිසයිල රුසියානු හමුදා විසින් කැරලි කරුවන්ට ලබා දෙන බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර