හුස්ම හිර වී සංක්‍රමණිකයන් විස්සක් මරුට

Image copyright Getty

උතුරු අප්‍රිකාවේ සිට යුරෝපය බලා බෝට්ටුවකින් පැමිණි සංක්‍රමණිකයන් පිරිසකගේ ඛේදජනක මරණ සම්බන්ධයෙන් වාර්තාවක් ඉතාලි ගැලවුම් කණ්ඩායමක නිලධාරියකු විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

නැව් තට්ටුවට යටින් එක මත එක වැටී තිබී මළසිරුරු විස්සකට අධික ප්‍රමාණයක් තම බේරා ගැනීමේ කණ්ඩායමට හමු වූ බවයි එම නිලධාරියා ඉතාලියේ ලා රිපුබ්ලිකා පුවත් පතට පවසා ඇත්තේ.

සංක්‍රමණිකයන් හුස්ම හිර වීමට ලක්ව ඇති බවයි පැවසෙන්නේ.

කුඩා දොරකින් ඉහලට ඒමට උත්සහ කිරීමේදී නැව් තට්ටුව මත සිටි මගීන් ඔවුන්ට පහර දී නැවතත් පහලට යාමට බල කර සිටි බව දිවි බේරා ගත් අයෙක් පැවසූ බවත් පුවත් පතේ සඳහන්.

ලම්පේසුඩා ඉතාලි දුපතට දකුණට වන්නට යාත්‍රා කළ බෝට්ටුවක් තුල තිබී මෙම මළසිරුරු සොයා ගනු ලැබීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර