කාබුල් ගුවන් තොටුපලට බෝම්බ ප්‍රහාරයක්

Image copyright AFP
Image caption කාබුල් ගුවන් තොටුපල ආසන්නයේ විසිරී තිබු වීදුරු හා සුන්බුන්

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ගුවන් තොටුපල ආසන්නයේ එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් හතර දෙනකු මරුමුවට පත් විය.

යතුරු පැදියකින් පැමිණි ප්‍රහාරකයා ගුවන් පථයට කිලෝමීටර දෙකක් ආසන්නයේ ඇති මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ ප්‍රධාන කවුළුව ආසන්නයේදී බෝම්බය පුපුරවා හැර තිබේ.

මිය ගිය පිරිස විදේශීය ආරක්ෂක සේවකයන් බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශ ප්‍රකාශකක් බීබීසීයට පැවසීය.

ඔවුන් කුමන ජාතිකයන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

ප්‍රහාරයෙන් තවත් විදේශිකයන් පස් දෙනකු සහ එක් ඇෆ්ගනිස්තාන ජාතිකයකු තුවාල ලබා තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර