ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කළු දුම් වලාවෙන් වැසුණු ගාසා තීරය

ඊශ්‍රායල බල ඇණි නොනවත්වා ගාසා තීරය ඉලක්ක කර බෝම්බ ප්‍රහාර එල්ල කරති.

හමාස් සංවිධානයට අයත් භූගත උමං ජාලයද ප්‍රහාරවල ඉලක්කය වී තිබේ.

ප්‍රහාරයන්ට හසුව මිය ගිය පලස්තීන වැසියන් ගණන හයසීය ඉක්මවා ඇති බවයි පැවසෙන්නේ.

ප්‍රහාරයන්ට ලක් වූ ප්‍රදේශය වසා ගනිමින් කළු දුම් වලා අහසට නැගෙමින් තිබේ.

ගාසා තීරයේ ජනගහනය අධික බැවින් සැඟවීමට ස්ථාන නොමැති බව එක්සත් ජාතීන්ගේ මානුෂීය සම්බන්ධකම් සඳහා වූ ආයතනය පවසයි.

පලස්තීන සටන්කරුවෝ ඊශ්‍රායලය ඉලක්ක කර රොකට් ප්‍රහාර එල්ල කරමින් සිටිති.