එක්සත් ජාතීන්ගේ සරණාගත කඳවුරකට ඊශ්‍රායල ප්‍රහාර

Image copyright AP
Image caption තුන්දහසකට වැඩි පිරිසක් පාසැල තුළ රැකවරණ ලබා සිටින බවයි පැවසෙන්නේ

ඊශ්‍රායල රොකට් වෙඩි ප්‍රහාරයක් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන ගාසා තීරයේ ඇති පාසලකට වැදීමෙන් අවම වශයෙන් පුද්ගලයින් පහළොස් දෙනෙකු මියගොස් හැත්තෑවකට වැඩි තවත් පිරිසකට තුවාල සිදුවූ බව පලස්තීන සෞඛ්‍ය නිලධාරීහු පවසති.

තුන්දහසකට වැඩි පිරිසක් ජාබාලියා සරණාගත කඳවුරේ ඇති පාසැල තුළ රැකවරණ ලබා සිටින බවයි පැවසෙන්නේ.

ගාසා හි සිටින ඉහල පෙළේ එක්සත් ජාතීන්ගේ නිලධාරීවරයෙක් බී බී සී යට පැවසුවේ කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව කිහිප වතාවක් ම මෙම පාසැලට ප්‍රහාරයන් එල්ල වී ඇති බවයි.

පාසැලේ නාන කාමරය සහ පන්ති කාමර දෙකක යුධ ටැංකි ප්‍රහාරයකින් ඉතිරි වූ කැබලි යැයි සිතිය හැකි කොටස් තමන් දුටු බව ජාත්‍යන්තර ප්‍රවෘත්ති නියෝජිත ආයතනයක වාර්තාකරුවෙක් පැවසුවේ.

තමන් මේ සිදුවීම පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බවයි ඊශ්‍රායල රජය පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර