ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

හිරෝෂිමා; අවසන් ප්‍රහාරකයා මිය යයි

ජපානයේ හිරෝෂිමා නගරයට පරමාණුක බෝම්බය හෙලන ලද ‘එනෝලා ගේ’ ඇමරිකානු ගුවන් යානයේ පියාසර කළ ජීවත්ව සිටි අවසාන සාමාජික තියඩෝර් වාන් කර්ක් මිය ගොස් තිබේ.

මිය යන විට ඔහු අනූ තුන් වන වියේ පසු විය.

ජපානය ‘පර්ල්’ වරයාට ප්‍රහාර එල්ල කිරීමට පෙර විසි හතර වියේදී මිය ගිය තියඩෝර් ඇමරිකානු හමුදාවට එක් වුවේය.

එක්දහස් නවසීය හතළිස් පහ වසරේ අගෝස්තු හය වන දින හිරෝෂිමාවට පරමාණුක බෝම්බය හෙලීමට ගිය ගුවන් යානයේ සිට ප්‍රහාරය මෙහෙයවන ලද්දේ තියඩෝර් වාන්.

ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට හෙලන ලද එම පරමාණුක බෝම්බයට හසුව ජපන් ජාතිකයෝ එක් ලක්ෂ හතළිස් දාහක් පමණ මිය ගියහ.

එම මෙහෙයුම පිළිබඳ කිසිදාක ‘කනගාටු නොවන’ බව ජීවත්ව සිටියදී පැවසූ තියඩෝර් වාන්, එම පියවර දෙවන ලෝක යුද්ධය අවසානයකට ගෙන ඒමට උදව් වූ බව පවසමින් ඔහුගේ එම ක්‍රියාව යුක්ති සහගත කළේය.

තියඩෝර් ඔහුගේ ජීවිතයේ අවසාන භාගයේ සිටියදී යුද අත්දැකීම් පිළිබඳ වූ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පැවසුවේ න්‍යෂ්ටික අවි කිසිවක් විසඳන්නේ නැති බව හා එවැනි අවි සියල්ල ලෝකයෙන් තුරන් කර දැමිය යුතු බවයි.