ඉන්දියාවේ 'එකසිය පනහක්' නාය යෑමකට හසු වෙයි

Image copyright AFP

ඉන්දීය මහාරාෂ්ට ප්‍රාන්තයේ පූනේ දිස්ත්‍රික්කයේ අබේගාන් ප්‍රදේශයේ ගම්වැසියන් එක සිය පනහකට අධික සංඛ්‍යාවක් නාය යෑමකට හසු වී තිබේ.

එම අනතුරින් නිවාස හතළිහක් පමණ විනාශ වී තිබෙන බව එම ප්‍රදේශයේ බලධාරියෙක් පවසයි.

පැවති ධාරානිපාත වර්ෂාවෙන් අනතුරුවයි නායයෑම සිදු වී තිබෙන්නේ.

සහන සේවකයෝ අනතුර සිදු වූ ප්‍රදේශයට ලඟා වී ඇති බව ඉන්දීය ජාතික ආපදා කළමනාකරණ බලකායේ නිලධාරියෙක් බීබීසියට පැවසුවේය.

නොනවත්වා පවතින දැඩි වර්ෂාව හා අබලන් වූ මාර්ග හේතුවෙන් සහන සේවකයන් හට අනතුර සිදු වූ ස්ථානයට ලඟා වීමට බාධා එල්ල වන බව එම නිලධාරියා වැඩි දුරටත් පවසයි.

Image copyright AFP

‘ඒ ගමේ නිවාස නවසීයක් පමණ තිබිලා තියනවා. නාය යෑමට හසු වුණු අය සුන්බුන් අතර හිර වෙලා ඉන්න බවට සැක ඇති බව අපිට දැන ගන්න ලැබිලා තියනවා’ යනුවෙන් ආපදා බලකායේ නිලධාරියා බීබීසීයට පැවසුවේය.

අනතුරින් දිවි ගලවා ගත් ගම්වැසියන් එක් වී සුන්බුන් ඉවත් කිරීම ආරම්භ කර ඇති බවයි පැවසෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර