ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

‘ඊඩ්’ සමරුවට කඳුලක්

පකිස්තානයේ කරච්චි මුහුදු තීරයේ පිහිනීමට ගිය විසි දෙනෙකුට ආසන්න පිරිසක් මුහුදේ ගිලී ඇති බවක් වාර්තාවෙයි.

අයහපත් කාලගුණය හේතුවෙන් පිහිනීම අනතුරුදායක යැයි ප්‍රකාශයට පත් කර තිබුණ කලාපයකයි අනතුර සිදු වී තිබෙන්නේ.

බලධාරීන් පවසන්නේ ඊඩ් උත්සවය සැමරීමට වෙරළට ගිය දහසක් පමණ ජනයාගෙන් කණ්ඩායමක් මුහුදේ පිහිනීමට ගොස් අනතුරට පත් ව ඇති බවයි.

අනතුරට පත් වූ පිරිසෙන් තුන් දෙනෙක් තවමත් සොයා ගෙන නැති බවත් ගලවා ගැනීමේ කණ්ඩායම් පවසති.

ඉන්දුනීසියාවේ පුද්ගලයින් විසි තුන් දෙනෙකු ද ඊඩ් උත්සවය සැමරීමට බෝට්ටු චාරිකාවක යෙදී සිටියදී මුහුදේ ගිලීමෙන් අනතුරට පත් වූ බව වාර්තා වේ.