ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සටන් විරාමය බිඳ වැටීමෙන් තවත් සියයක් මරුට

තාවකාලික සටන් විරාම ගිවිසුම සිකුරාදා බිඳ වැටීමෙන් පසු ඊශ්‍රායල මිසයිල් ප්‍රහාර මගින් සියයකට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් මියගොස් ඇති බව ගසා හි සිටින සෞඛ්‍ය නිලධාරීහු පවසති.

මේ අතරින් වැඩි පිරිසක් මියගොස් ඇත්තේ ඊශ්‍රායල සොල්දාදුවන් දෙදෙනෙකු මරා දමමින් සහ තවත් එක් ඊශ්‍රායල සොල්දාදුවකු අතුරුදහන් කරමින් සිදුවූ හමාස් ප්‍රහාරය පැවති දකුණු ගාසා ප්‍රදේශයේ රෆා හි බවයි පැවසෙන්නේ.

අතුරුදහන් වූ ඊශ්‍රායල සොල්දාදුවා වන හදාර් ගොල්ඩින් කොහි සිටින්නේද යන්න පිලිබඳ තොරතුරු කිසිවක් නොමැති බව පවසන පලස්තීන කණ්ඩායම සැක පහල කරන්නේ ඔහු ප්‍රහාරයේදී මියයන්නට ඇති බවටයි.