ගාසා ගැටුම් හා ඇමරිකාවේ උනන්දුව

Image copyright Reuters

ගාසා තීරයේ පවතින සටන් විරාමය ප්‍රයෝජනයට ගනිමින් පුළුල් තිරසාර ගිවිසුමකට එන මෙන් ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ඊශ්‍රායලයට හා පලස්තීනයට බල කර සිටියි.

ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර ගාසා තීරය තුළ බල පැවැත්වෙන සටන් විරාමය දෙවන දිනටත් ක්‍රියාත්මකයි.

සම්පුර්ණ සටන් විරාම කාලය දින තුනක්.

සටන් විරාමය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊශ්‍රායල හා හමාස් සංවිධානයේ නියෝජිතයෝ ඊජිප්තුවේ කයිරෝ අගනුවරට පැමිණ සිටිති.

හානිය

උන් හිටි තැන් අහිමි වූ දහස් ගණනක් පලස්තීන වැසියෝ සහන කාලය ප්‍රයෝජනයට ගනිමින් තම නිවෙස් කරා නැවත පැමිණ සිදුව ඇති හානිය පිරික්සමින් සිටිති.

මාසයක් පුරා පැවති සටන් හේතුවෙන් පලස්තීන වැසියන් අටසීයකට වඩා මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පවසයි.

එහිදී ඊශ්‍රායල ජාතිකයන් හැත්තෑවක් පමණ මිය ගොස් ඇති බවයි එම සංවිධානය වැඩි දුරටත් පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර