ලන්ඩනය; ලෝක ධනවතුන්ගේ පාරාදීසය

Image copyright other

ලෝකයේ වැඩිම දශ ලක්ෂපතියන් සංඛ්‍යාවක් වාසය කරන තනි නගරය ලන්ඩනය බව සමීක්ෂණයකින් හෙළි වී ඇත.

සමීක්ෂණය සිදු කරනු ලැබ තිබෙන්නේ දකුණු අප්‍රිකාව මූලස්ථානය කර ගත් ‘නිව් වර්ල්ඩ් වෙල්ත්’ (New World Wealth) නම් උපදේශක ආයතනය විසිනුයි.

එම සමීක්ෂණ වාර්තාව අනුව ලන්ඩන් නගර වාසීන්ගෙන් සියයට තුනකට අධික පිරිසක් ඩොලර් දශ ලක්ෂයකට අධික වත්කම් සහිත වූවෝ වෙති.

‘නිව් වර්ල්ඩ් වෙල්ත්’ උපදේශක ආයතනය පවසන්නේ, අන්තර්ජාතික කේන්ද්‍රස්ථානයක් සහ යුරෝපයේ ප්‍රධාන මූල්‍ය මධ්‍යස්ථානයක් වීම නිසා බොහෝ ධන කුවේරයන් ලන්ඩනය කෙරෙහි ආකර්ෂණය වෙන බවයි.

එහෙත් අඩු තරමින් ඩොලර් කෝටියකට අධික වත්කම් සහිත ධන කුවේරයන් වාසය කරන නගර අනුව බලන විට ලන්ඩනයට ලැබෙන්නේ තුන් වෙනි තැන බවත් ‘නිව් වර්ල්ඩ් වෙල්ත්’ උපදේශක ආයතනයේ සමීක්ෂණ වාර්තාවේ දැක්වෙයි.

එහි පළමු සහ දෙවන ස්ථාන ‘හොංකොං’ සහ නිව්යෝර්ක් නගර වලට ලැබෙන අතර තුන්වැනි තැනයි ලන්ඩන් නගරයට ලැබෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර