ඇෆ්ඝන් ගිවිසුම බිඳ වැටෙන ළකුණු

Image copyright AFP

සිකුරාදා(08) අත්සන් තැබුණ එකඟතා ගිවිසුම සම්බන්ධයෙන් ඇෆ්ඝන් ජනාධිපතිවරණයේ ප්‍රධාන ප්‍රතිවාදී අපේක්ෂකයන් දෙදෙනා වෙනත් අර්ථ කථන ඉදිරිපත් කරන බවට බීබීසියට වාර්තා වෙයි.

සිකුරාදා ගිවිසුම මගින් ඔවුන් දෙදෙනා ජාතික එකමුතු ආණ්ඩුවක් සඳහා එකඟ වූ බවයි ප්‍රකාශයට පත් කර තිබුණේ.

මතභේදයට ලක් ව පවතින ඇෆ්ඝන් ජනාධිපති වරණයෙන් ජය ගත් අපේක්ෂක අෂ්රෆ් ඝානි බීබීසියට අදහස් දක්වමින් කියා සිටියේ, අත්සන් කෙරුණ ගිවිසුම මගින් බලය පංගු කෙරෙන ආණ්ඩුවක් පිහිටුවීමේ එකඟතාවක් ඇති නොවූ බවයි.

එහෙත් ඔහුගේ ප්‍රතිවාදියා වන අබ්දුල්ලා අබ්දුල්ලා පවසන්නේ, එය බලය බෙදා ගැනීමේ ගිවිසුමක් වන බවයි.

ඇෆ්ඝනිස්තානය සඳහා ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බව දේශපාලන නායකයන් දෙදෙනාම පිළි ගත්තත් ඔවුන් සමඟ සිටින ආධාරකරුවන් විශාල පිරිසක් ජාතික ආණ්ඩුවකට එරෙහිවූවන් බවත් වාර්තා වෙයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර