හාලෝන් වැසි කුණාටුවෙන් ජපානයට දැඩි හානි

Image copyright AFP
Image caption හාලෝන් වැසි කුණාටුවත් සමග ජලයෙන් යට වූ 'ට්සු' නගරයේ මාර්ග

දැඩි හානි සිදු කරමින් ජපානය පුරා හමා යන නිවර්තන වැසි කුණාටුව හේතුවෙන් දසලක්ෂයකට වැඩි පිරිසකට තම නිවාසවලින් ඉවත් වෙන ලෙස නියෝග කර තිබේ.

පැයට කිලෝමීටර සීයක පමණ වේගයෙන් හමා යන හාලෝන් කුණාටුවට මැදි වීමෙන් එක් අයෙක් මිය ගොස් පුද්ගලයන් ගණනාවක් තුවාල ලබා ඇති බවයි පැවසෙන්නේ.

Image copyright Reuters
Image caption කෝර්චි නගරයේ ජලයෙන් යට වූ රථ වාහන
Image copyright AFP
Image caption හාලෝන් වැසි කුණාටුවත් සමග ඇති වූ නාය යෑම්
Image copyright AFP
Image caption වැසි කුණාටුවත් සමග ජලයෙන් යට වූ ටෝකුශිමා නගරය

ජපානයේ ජාතික නිවාඩුව ආරම්භයේ හමා ආ කුණාටුව හේතුවෙන් සිය ගණනක් වූ ගුවන් ගමන් අවලංගු කර තිබේ.

කුණාටුවට අමතරව ජපානයේ ඊසාන දිග වෙරළ තීරයේ භූමි කම්පාවක්ද ඇති වී තිබෙන බවයි පැවසෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර