'අධික තරබාරුකමින් පිළිකා'

Image copyright Science Photo Library

බ්‍රිතාන්‍යයේ විද්‍යාඥයන් පිරිසක් නව වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසන්නේ පිළිකා ඇති කිරීමට සිරුරේ අධික තරබාරුකම බලපෑ හැකි බවයි.

මේ බව වාර්තා කොට ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතික වැඩිහිටියන් මිලියන පහකට ආසන්න පිරිසක් අධ්‍යනයට ලක් කිරීමෙන් අනතුරුවයි.

විද්‍යාඥයන් පවසන්නේ සිරුරේ අධික තරබාරු බව ඉතා සුලබව දැකිය හැකි පිළිකා රෝග වර්ග දහයක් පමණ වර්ධනය කිරීමට උපකාරී විය හැකි බවයි.

ගර්භාශයේ සහ පිත්තාශයේ ඇතිවන පිළිකා වලට අධික තරබාරු බව බලපෑ හැකි බවයි වාර්තාවේ පැවසෙන්නේ.

මෙම වාර්තාව ඉදිරිපත් කරන විද්‍යාඥයන් අනතුරු අඟවන්නේ ගෝලීය වශයෙන් පැතිර යන අධික තරබාරු කම වර්ධනය වුවොත් ඒ සමග පිළිකා වැළඳීමේ ප්‍රතිශතයත් ඉහල යාමට හැකි බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර