පකිස්තාන් ආණ්ඩුවට රතු එළියක්

Image copyright EPA
Image caption ඉම්රාන් ඛාන් ලාහෝර් නුවර පැවති රැස්වීම අමතමින්

පකිස්තාන් අගමැති නවාස් ෂරීෆ්ට ඉල්ලා අස්වන මෙන් ඉල්ලමින් දහස් ගණන් උද්ඝෝෂකයෝ ඉස්ලාමාබාද් නුවර වීදි බැස සිටිති.

උද්ඝෝෂණයට නායකත්වය දෙන ලද්දේ විපක්ෂයේ දේශපාලකයින් දෙදෙනෙකු වන හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් සහ ඉස්ලාමීය පූජකයකු වන තාහීර් උල් ඛද්රි විසිනි.

පකිස්තාන් නිදහස් දිනයේ සංවිධානය කර තිබුණ එම උද්ඝෝෂණයට ආණ්ඩුවේ විරෝධය එල්ල වූ බවයි වාර්තා වන්නේ.

උද්ඝෝෂකයින් ඉස්ලාමාබාද් අගනුවරට ඒම වැළැක්වීම සඳහා කන්ටේනර් යොදා ගනිමින් මාර්ග බාධක ඉදි කර තිබුණ අතර දහස් ගණනින් පොලිස් භටයන් ඉස්ලාමාබාද් නුවර වීදි වල නිරත කරනු ලැබ සිටිති.

ඉම්රාන් ඛාන් ලාහෝර් නුවරදී උද්ඝෝෂණය සංවිධානය කරමින් රැස්වීමක් පවත්වා ඇති අතර ඔහු පවසන්නේ 2013 වසරේ පැවති මැතිවරණයෙන් වංචනික ලෙස නවාස් ෂරීෆ් බලයට පැමිණි බවයි.

දහස් ගණනින් මහජනතාව විරෝධතා පා ගමනට එකතු සිටින අතර අගමැති නවාෂ් ෂරීෆ් තනතුරෙන් ඉල්ලා අස් වන තුරු ඉස්ලාමාබාද් නුවර වීදි වල හිඳගෙන සිටින බවයි විපක්ෂයේ උද්ඝෝෂකයින් පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර