HIV ආසාදිතයන්ගේ අයිතිය වෙනුවෙන්

Image copyright AP

HIV ආසාදිතයන් වීම නිසා තමන්ට ගුවන් යානයකට ඇතුල් වීමට ඉඩ නොදුන් චීන ගුවන් සමාගමකට එරෙහිව ගුවන් මගීන් දෙදෙනෙක් එම සමාගමට එරෙහිව නඩු පවරා ඇත.

එම මගීන් දෙදෙනා ‘ෂෙන්යෑන්’ නගරයෙන් ‘ස්ප්‍රින්’ (Spring Airlines) ගුවන් සමාගමේ යානයකට ඇතුල්වීමට බලාපොරොත්තුව සිටියත් ගුවන් සමාගම ඔවුන් දෙදෙනා ගේ ගුවන් ගමන් බලපත් අවලංගු කරනු ලැබ තිබුණ බවයි, වාර්තා වන්නේ.

එය තමන්ට එරෙහිව සිදු කරන ලද ‘වෙනස් කම් කිරීමක්’යයි චෝදනා කරන HIV ආසාදිතයන් දෙදෙනා ඩොලර් අට දහසක වන්දියක් ද සමාව අයැද සිටීමක් ද ගුවන් සමාගමෙන් ඉල්ලා සිටිති.

‘ෂෙන්යෑන්’ නගරයේ උසාවියක් ඔවුන්ගේ පැමිණිල්ල භාර ගෙන ඇති අතර චීන ඉතිහාසයේ එවැනි විභාගයක් ආරම්භ කෙරෙන පළමු අවස්ථාව මෙයයි.

HIV ආසාදිතයන්ට සහ ඒඩ්ස් රෝගීන්ට එරෙහිව සිදු කෙරෙන වෙනස්කම් සම්බන්ධයෙන් රට තුල පවතින දීර්ඝ ඉතිහාසයේ වෙනසක් ඇති කිරීමෙහි ලා තමන් පියවර ගත් බවයි, චීන නිලධාරීන් පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර