කන්ටේනරයෙන් ලන්ඩනයට

Image copyright PA
Image caption ලන්ඩන් ටිල්බරි වරාය

නාවුක කන්ටේනරයක් තුළ සැඟවී ලන්ඩන් වරායට පැමිණි පිරිසක් වරාය අධිකාරීන් විසින් සොයාගෙන ඇත.

මෙසේ පැමිණියවුන් අතරින් එක අයෙකු මියගොස් සිටි අතර සෙසු පිරිස විජලනයට හා ශරීර උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස පහළ යාම හේතුවෙන් ඇතිවන හයිපොතෙමියා තත්වයට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් ගත කර ඇත.

කාන්තාවන් සහ ළමයින් ඇතුළු තිස් පස් දෙනෙකුගෙන් යුත් පිරිසක් මෙසේ හමුවී ඇත්තේ බෙල්ජියමේ සිට ලන්ඩනයේ ටිල්බරි නැව් තටාකාංගනය වෙත රැගෙන ආ කන්ටේනරයක් විවෘත කිරීමෙන් පසුවයි.

මෙම පිරිස ඉන්දියානු සම්භවයක් සහිත පිරිසක් බවයි පැවසෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර