ඔබාමා සහ ඉරාක හමුදාවල ඉදිරි ගමන

Image copyright AP

ඉස්ලාමීය රාජ්‍ය ජිහාඩ් සටන්කරුවන් අත තිබූ උතුරු දිග ඉරාකයේ පිහිටි මෝසුල් වේල්ලේ පාලනය නැවත ලබා ගැනීමට හැකි වීම ඉරාක සහ කුර්දි හමුදා තැබූ වැදගත් ඉදිරි පියවරක් ලෙස ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා හඳුන්වයි.

මොසුල් වේල්ල යුදමය වශයෙන් වැදගත් ස්ථානයක් ලෙස සැලකේ.

මෙම මෙහෙයුමත් සමග ඇමරිකානු හමුදා සහ ඉරාක හමුදාවලට එක්ව කටයුතු කිරීමට ඇති හැකියාව ක්‍රියාවෙන් ඔප්පු කර ඇති බවයි එක්සත් ජනපද ජනපති ඔබාමා පවසන්නේ.

ඇමරිකාවේ ශක්තිය

ඉස්ලාමීය සටන්කරුවන් ස්ථාන ගත වී සිටින පෙදෙස් ඉලක්ක කර එල්ල වූ බොහොමයක් ප්‍රහාර ඇමරිකානු හමුදා විසින් මෙහෙයවනු ලැබීය.

තවදුරටත් ඇමරිකානු හමුදා ශක්තිය ඉරාක මෙහෙයුම් සඳහා බලාපොරොත්තු වන බව ජනපති ඔබාමා ප්‍රකාශ කළේය.

වේල්ල අවට ප්‍රදේශවල බලය ලබා ගැනීම සඳහා කෙරෙන සටන් තවදුරටත් ක්‍රියාත්මක වන බවයි පැවසෙන්නේ.

මෝසුල් වේල්ලේ පාලනය ගිලිහුණු බව ඉස්ලාමීය රාජ්‍ය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර