විනාශයට පත් නාලන්දා සරසවිය යළි විවෘතයි

Image caption නාලන්දා සරසවිය ලෝකයේ ඇති පැරණිතම විශ්වවිද්‍යලයක් ලෙස සැලකෙයි

මීට වසර අටසීය තිහකට පමණ පෙර සිදු වූ ආක්‍රමණයකදී විනාශයට පත් ඉන්දියාවේ ඓතිහාසික නාලන්දා සරසවියේ ඉගැන්වීම් කටයුතු නැවත ආරම්භ කර තිබේ.

තෙවන වරට ආරම්භ වූ නාලන්දා සරසවියේ පැවැත්වෙන දේශන සඳහා සිසුන් පහළොස් දෙනෙකු හා පීඨ සාමාජිකයන් එකොළොස් දෙනෙකු සහභාගී වේ.

ඉතිහාස අධ්‍යයනය, පාරිසරික විද්‍යාව සහ පරිසර අධ්‍යයනය යන විෂයන් ආරම්භක අවස්ථවේ ඉගැන්වීමට නියමිතයි.

නැගෙනහිර දිග ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පිහිටි රජයේ ගොඩනැගිල්ලක් වන රාජ්ගිර් සම්මන්ත්‍රණ ශාලාවේ දේශන පැවැත්වේ.

පස් වන සියවසේ ආරම්භ වූ නාලන්දා සරසවිය ලෝකයේ ඇති පැරණිතම විශ්වවිද්‍යාල අතරින් එකක් ලෙස සැලකෙයි.

නාලන්දා සරසවිය ආක්‍රමණවලට හසුව දෙවරක් විනාශයට පත් විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර