උද්ඝෝෂකයෝ රූපවාහිනියට කඩා වදිති

Image copyright AFP

පීටීවී රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධාන ගොඩනැගිල්ලේ සිටි උද්ඝෝෂකයන් ඉවත් කිරීමට පකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර ආරක්ෂක හමුදා පියවර ගත්හ.

මේ වන විට රූපවාහිනී සේවයේ විකාශන කටයුතු නැවත ආරම්භ කර තිබේ.

මීට පෙර ආණ්ඩු විරෝධී පෙළපාලිකරුවෝ පීටීවී මාධ්‍ය ආයතනයට කඩා වැදීමෙන් අනතුරුව එහි විකාශන කටයුතු නවතා දැමීමට සිදු විය.

ඉල්ලීමක්

උද්ඝෝෂකයන්ට නායකත්වය ලබා දෙන ක්‍රිකට් ක්‍රීඩකයකුව සිට පසුව දේශපාලනඥයකු වූ ඉම්රාන් ඛාන් සහ පාකිස්ථාන දේශපාලනයේ ප්‍රබලයකු ලෙස සැලකෙන තාහිර් අල් ක්වාද්රි, සාමකාමීව සිටින ලෙස තම ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියි.

මේ අතර පාකිස්ථාන පාර්ලිමේන්තු පරිශ්‍රය පිටතදී උද්ඝෝෂකයන් සහ පොලිසිය අතර ගැටුම් හට ගෙන තිබේ.

පාකිස්ථාන අගමැති නවාස් ෂරීෆ්ට සිය ධුරයෙන් ඉල්ලා අස් වන ලෙස උද්ඝෝෂකයෝ බල කර සිටිති.