පියා වෙනුවෙන් නැගී සිටි දියණියට මරණය

Image copyright AFP
Image caption ඉන්දියාවේ ලිංගික හිංසනයට එරෙහි උද්ඝෝෂණ

නැගෙනහිර ඉන්දියාවේ ‘ජාල්පයිගුරි’ දිස්ත්‍රික්කයේ දී පහළොස් හැවිරිදි දැරියකගේ මළ සිරුරක් රේල් පාරක් අසලදී සොයා ගෙන තිබේ.

එම දැරිය තමන්ගේ පියාට ගම් සභාවේ දී වූ අසාධාරණය වෙනුවෙන් විරෝධය පා ඇති අතර පසුදින උදෑසන ඇගේ සිරුර රේල් පාර අසල තිබියදී සොයා ගත් බවයි ප්‍රාදේශීය පොලිසිය පවසන්නේ.

ඉන්දියාවේ ගම්බද පලාත්වල ගම් සභා ක්‍රියාත්මක වන අතර එමගින් ගම තුල සිදු වන ආරවුල් විසඳීමට සහ වැරදි කරුවන්ට දඬුවම් ලබා දීම දීර්ඝ කාලයක් තිස්සේ පවතින සිරිතකි.

දැරියගේ පියා සහ ගමේ වැඩිහිටියන් අතර ඇති වූ ආරවුලකට ගම් සභාව මගින් දුන් තීන්දුව අභියෝගයට ලක් කළ දැරිය වැඩිහිටියන්ගේ දැඩි සමච්චලයට සහ පීඩාවට ලක් වී තිබේ.

පොලිසිය සැක කරන්නේ එම සිදුවීමෙන් පසු දැරිය දූෂණය කොට ඝාතනය කර ඇති බවයි.

ගම් වැසියන් දහතුන් දෙනෙකු සැක කරුවන් ලෙස නම් කරමින් පොලිසියේ පැමිණිල්ලක් දැමුවද මේ වන තෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැති බව දැරියගේ ඥාතීන් පවසති.

ඉන්දියාවේ දිගින් දිගටම සිදු වන ලිංගික හිංසනය වැළැක්වීමට පසුගිය වසරේ රජය විසින් ඒ සම්බන්ධ නීති තර කොට ඇති නමුත් කාන්තාවන් දිගින් දිගටම දූෂණයට සහ ලිංගික හිංසනයට බඳුන් වන බවයි වාර්තා කරුවන් පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර