සමලිංගික විවාහයක් මත අත්අඩංගුවට

ඊජිප්තු නයිල් නදියේ බෝට්ටුවක් මත සිට සමලිංගික විවාහයක් සිදු වන ආකාරය දැක්වෙන වීඩියෝවක සිටි හත් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පසු ගිය මාසයේදී එම වීඩියෝව යූ ටියුබ් (YouTube) වෙබ් අඩවියේ පළ වීමත් සමග එය අන්තර්ජාලය පුරා ජනප්‍රියත්වයට පත් විය.

විනීත භාවය උල්ලංඝනය කරමින් ඡායා රූප බෙදා හැරීම හා අනාචාරයේ හැසිරීම යන චෝදනා සඳහා වරදකරුවන් දැයි තීරණය කිරීමට පෙර වීඩියෝවේ සිටි පුද්ගලයන් වෛද්‍ය පරික්ෂාවකට යොමු කරන ලෙසයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිවේදීන් නියෝග කළේ.

ඊජිප්තු නීතියට අනුව සමලිංගික සේවනය තහනමට ලක් වී නැති නමුත් අනාචාරයේ හැසිරීම සහ ආගමට අවමන් කිරීම යන චෝදනා මත මීට පෙර කිහිප අවස්ථාවකදී පුද්ගලයන් අත්අඩංගුවට ගනු ලැබිණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර