නරේන්ද්‍ර මෝදි ගංවතුර ප්‍රදේශවල සංචාරයක

Image copyright Reuters
Image caption තවත් දසදහසක් දෙනා ගංවතුරට කොටු වී අසරණව සිටිති

අධික මෝසම් වර්ෂාව නිසා සිදු වී ඇති හානිය සියැසින් දැක ගැනීම සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ගංවතුර උවදුරෙන් විපතට පත් කාශ්මීරයේ සංචාරයක නිරත විය.

හානියට පත් වූ දේපළ සඳහා වන්දි ලබා දීමටත් ප්‍රදේශය යළි ගොඩ නැගීමට ඩොලර් මිලියන දෙසීයක ආධාර ලබා දීමටත් පොරොන්දු වූ අගමැතිවරයා එම ප්‍රදේශයේ ජාතික ව්‍යසන තත්වයක් ප්‍රකාශයට පත් කළේය.

Image copyright AP
Image caption හදිසි ගංවතුරෙන් පීඩාවට පත් කාශ්මීරයේ ශ්‍රීනගර්හි වැසියන්

ගංවතුරට හසු වී අසල්වැසි පාකිස්ථානයේ සහ ඉන්දියාවේ පුද්ගලයන් තුන්සීයකට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව බලධාරීහු පවසති.

ගංවතුරට කොටු වී පිළිසරණක් නොමැතිව සිටින තවත් දසදහස් ගණනක් වූ පිරිස් වෙත ළඟා වීමට දෙරටේ සහන සේවකයෝ උත්සහ කරමින් සිටිති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර