ආහාර සහනාධාර සඳහා 'ලිංගික අල්ලස්'

  • 2014 සැප්තැම්බර් 8
Image copyright AP
Image caption හමුදා භටයෝ සෝමාලියාවේ ශබාබ් ඉස්ලාමීය සටන්කරුවන් හා සටන් වදිමින් සිටිති

සෝමාලියාවේ රැඳී සිටින අප්‍රිකානු සංගමයේ හමුදා භටයෝ එරටේ වෙසෙන පීඩිත කාන්තාවන් හා තරුණියන් දූෂණය කරන බවට හියුමන් රයිට්ස් වොච් මානව හිමිකම් සංවිධානය චෝදනා කරයි.

ආහාර සහනාධාර ලබා දීම සඳහා හමුදා භටයන් ලිංගික අල්ලස් ලබා ගන්නා බවයි එම සංවිධානය වැඩි දුරටත් පවසන්නේ.

මානුෂීය ආධාර ලබා දෙන බවට දී ඇති පොරොන්දු ප්‍රයෝජනයට ගනිමින් බුරුන්දි සහ උගන්ඩාවේ සිට පැමිණි භටයන් තමන් ලිංගික ක්‍රියාකාරකම් සඳහා බලහත්කාරයෙන් යොදා ගන්නා බව සාක්ෂි ලබා දුන් කාන්තාවෝ පවසති.

වතුර සොයා

ජලය සහ වෛද්‍ය සහාය පතා අප්‍රිකානු සංගම් මූලස්ථානය තුලට පැමිණෙන කාන්තාවන් මෙලෙස දූෂණයට ලක් වන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය කියා සිටියි.

දූෂණ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව අප්‍රිකානු සංගමය ප්‍රකාශ කළේය.

ගෙවුණු වසර හතක කාලය පුරා අප්‍රිකානු සංගමය නියෝජනය කරන විවිධ ජාතීන්ට අයත් හමුදා භටයෝ සෝමාලියාවේ ශබාබ් ඉස්ලාමීය සටන්කරුවන් සමග සටන් වදිමින් සිටිති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර