ස්කොට්ලන්තය වෙන් වීමේ ප්‍රවනතාවයක?

Image copyright Reuters

ස්කොට්ලන්තය ස්වාධීන රාජ්‍යයක් බවට පත් විය යුතුද, එසේ නැත්නම් දිගටම එක්සත් රාජධානියේ කොටසක් වශයෙන් දිගටම පැවතිය යුතුද යන්න තීන්දු කෙරෙන ජනමත විචාරණය ලං වෙත්ම එහි ප්‍රතිපලය කුමක් විය හැකිද යන්න සම්බන්ධයෙන් ඉතා උණුසුම් තත්වයක් ගොඩ නැගෙමින් පවතී.

එම ජනමත විචාරණය පැවැත්වෙන්නේ මෙම දහඅට වැනි දිනයි.

මේ වනවිට ප්‍රකාශිත මහජන මත විමසුම් අනුව ස්කොට්ලන්තය ස්වාධීන රාජ්‍යයක් බවට පත් විය යුතු බව පවසන කඳවුර ඉතා සුළු ප්‍රතිශතයකින් ඉදිරියෙන් සිටියි.

ඉරිදා ප්‍රකාශිත මහජන මත විමසුම් අනුව ස්කොට්ලන්තය ස්වාධීන රාජ්‍යයක් බවට පත් විය යුතු බව කියා සිටින කඳවුර 51% ක් වන අතර රට දිගටම එක්සත් රාජධානියේ කොටසක් වශයෙන් දිගටම පැවතීම අපේක්ෂා කරන කණ්ඩායම 49%කි.

තවත් ස්වයංපාලන බලතල

මෙම තත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන ලන්ඩන් පුරපති බොරිස් ජොන්සන් එක්සත් රාජධානිය උපමා කළේ ‘ඛේදාන්තය කරා නින්දෙන් ඇවිදින රටක්’ හැටියටයි.

‘ඩේලි ටෙලිග්‍රාෆ්’පුවත්පතට ලියන පුරපතිවරයා පවසන්නේ එක්සත් රාජධානියේ ජගත් නාමය විනාශයේ අද්දරට පැමිණ ඇති බවයි.

මේ අතර බීබීසිය සමඟ පවත්වන ලද සාකච්ඡාවක දී බ්‍රිතාන්‍ය මුදල් ලේකම් ජෝර්ජ් ඔස්බෝර්න් කියා සිටියේ ස්කොට්ලන්තය දිගටම එක්සත් රාජධානියේ කොටසක් වශයෙන් රැඳී සිටීමට තීරණය කළොත් එම භූමියට ඉතා ඉහළ මට්ටමේ ස්වයංපාලන බලයක් පවරන බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර