තායිලන්ත හමුදා පාලකයන්ට මානව හිමිකම් චෝදනා

Image copyright Getty

පසුගිය මැයි මාසයේ මිලිටරි ජුන්ටාව බලය අල්ලා ගැනීමත් සමග තායිලන්තය පුරා මානව අයිතිවාසිකම් කඩ වීම් පැතිරෙමින් පවතින බවට ඇමිනෙස්ටි ජාත්‍යන්තරය චෝදනා කරයි.

හමුදා පාලනය එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ අදාළ ක්‍රියාමාර්ග ගනු ලබන්නේ රටේ ආරක්ෂාව සහතික කිරීම සඳහා වන බවයි.

නීතියට පටහැනිව පුද්ගලයන් අත්අඩංගුවේ රඳවා ගැනීම්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කරන රෙගුලාසි සහ කිසිදු වග විභාගයකින් තොරව පුද්ගලයන් වධ හිංසා වලට ලක් කිරීමේ සිද්ධි හමුදා පාලනයත් සමග ඉහල යමින් පවතින බවයි වාර්තාවක් ඉදිරිපත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ.

ඇමිනෙස්ටි ජාත්‍යන්තරය පවසන්නේ එවන් ක්‍රියා කලාපයක් කිසිදු හේතුවක් මත යුක්ති සහගත කළ නොහැකි අතර හුදෙක් පවතින මිලිටරි පාලනයට එරෙහි බලවේග යටපත් කිරීම එම ක්‍රියා මාර්ග වල අරමුණ ලෙසින් පෙනෙන බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර