ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මිය ගිය මී සුරතලා පියාසර කරවූ හාම්පුතා

සිය සුරතල් මීයා මරණයට පත්වීම නිසා දුකට පත් දහතුන් හැවිරිදි ඕලන්ද ජාතික පාසල් දරුවකුගේ අභිලාශය මුදුන්පත් කරනු වස් එම මීයාගේ සිරුර තුලට පුළුන් පුරවා සංරක්ෂණය කොට පියාසර කරන හෙලිකොප්ටරයක් නිර්මාණය කිරීමේ පුවතක් වාර්තා වෙයි.

'රට්ජිටෝ' නමැති සුරතල් මීයා මිය යාමෙන් අනතුරුව ළමයා තුල ඇති වූ දුක සහ වේදනාව තුනී කිරීම සඳහා ඕලන්ද ජාතික ගවේෂකයන් දෙදෙනකු විසිනුයි,මී සිරුර සංරක්ෂණය කර පසුව එය පියාසර කල හැකි හෙලිකොප්ටරයක් බවට පත් කරන ලද්දේ.

එම නිර්මාණය හඳුන්වන්නේ 'රැට්කොප්ටරය' යනුවෙනි.