සම්බාධක දැමීම සාමයට බාධාවක් -රුසියාව

  • 2014 සැප්තැම්බර් 12
Image caption රුසියානු විදේශ ඇමති සර්ගෙයි ලව්රොෆ්

රුසියාවට එරෙහිව යුරෝපා හවුල සම්බාධක තර කිරීම තුළින් නැගෙනහිර යුක්‍රේනයේ සාම ප්‍රයත්නයට බාධා පමුණුවන බව රුසියානු විදේශ ඇමති සර්ගෙයි ලව්රොෆ් ප්‍රකාශ කරයි.

යුරෝපා හවුලේ අලුත්ම සම්බාධක ඉලක්ක වී ඇත්තේ රුසියාවේ තෙල් වෙළඳාම, ආර්ථිකය සහ ආරක්ෂක අංශ වෙතටයි.

මීට අමතරව තවත් රුසියානු බලධාරීන් සහ යුක්‍රේන කැරලි නායකයන් විසි හතර දෙනෙකුගේ විදෙස් ගත දේපළ අත් හිටුවීමටත් ඔවුනට වීසා බලපත් තහනම් කිරීමටත් පියවර ගෙන තිබේ.

මෙම තහංචිවලට එක්සත් ජනපදයේ සහාය ලැබෙන බව ජනාධිපති ඔබාමා ප්‍රකාශ කරයි.

මේ අතරතුර යුක්‍රේන ජනාධිපතිවරයා පවසන්නේ රුසියාවට ඈඳා ගත් ක්‍රිමියානු කලාපය යළි යුක්‍රේනයට ලබා ගන්නා බවයි.

මෙය හමුදා මාර්ගයෙන් සිදු වීම අත්‍යවශ්‍ය නොවුවත් ස්ථිර වශයෙන්ම ක්‍රිමියාව යළි භාර දීම සිදු විය යුතු බවයි ඔහු කියා සිටියේ.

යුරෝපා හවුල සමඟ සහයෝගිතා ගිවිසුමක් ඇති කර ගැනීම අනුමත කර ගැනීමට අඟහරුවාදා පාර්ලිමේන්තුව රැස් කරන බවද යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර