චීන ජනාධිපති ඉන්දියාවේ සංචාරයක

Image copyright AFP
Image caption චීන ජනාධිපති සී ජින්පින්ග්

ඉන්දියාවේ දින තුනක සිය සංචාරය ආරම්භ කරමින් චීන ජනාධිපති සී ජින්පින්ග් ප්‍රකාශ කළේ ඉන්දියාව සමඟ සමීප ආර්ථික සම්බන්ධතා පැවැත්වීමට අදහස් කරන බවයි.

චීන ජනාධිපති වරයා ඉන්දියා සංචාරය ආරම්භ කළේ ශ්‍රී ලංකාවේ දින දෙකක සංචාරය නිම කිරීමෙන් අනතුරුවයි.

ජනාධිපති සී ජින්පින්ග් හින්දු පුවත්පතට ප්‍රකාශයක් කරමින් පැවසුවේ ඉන්දියාව සහ චීනය මේ වන විට සංවර්ධන මාවතේ ඉතා අසීරු අදියරක් පසු කරමින් සිටින බවයි.

ලොව විශාලතම කර්මාන්ත ක්ෂේත්‍රය ලෙස හඳුන්වන චීනය සහ ලොව විශාලතම පරිපාලන, සහය සේවා ක්ෂේත්‍රය ලෙසින් හඳුන්වන ඉන්දියාව ආර්ථිකමය වශයෙන් සමීප සම්බන්ධතා පැවැත්වීමෙන් අත් කර ගත හැකි සාර්ථකත්වයද ජනාධිපති වරයා විසින් අවධාරණය කෙරිණ.

දෙරට අතර ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කිරීමේ අදහස මුල් කර ගෙන ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝඩි සමග ඩොලර් බිලියන ගණනක චීන ආයෝජන සඳහා අත්සන් තැබීමට සුදානම් වන චීන ජනාධිපති, දේශ සීමා ගැටුම් සහ දෙරට අතර පවතින තරඟය පසෙක ලා ඇති බවයි පැවසෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර