ස්ත්‍රීන්ට නිගරු කළ විනිසුරුවන්ට දඬුවම්

Image caption ලක්නව් අධිකරණය

උතුරු ඉන්දියාවේ පුහුණුව ලබමින් සිටින විනිසුරුවරයන් එකොළොස් දෙනෙකු ලිංගිකත්වය මත ස්ත්‍රීන්ට නිග්‍රහ කරමින් කලහකාරී ලෙස හැසිරීමේ වරදට වැඩ තහනමකට ලක්ව තිබේ.

එම විනිසුරුවරයන් එකොළොස් දෙනා සිය පුහුණුවේ අවසන් දිනය සැමරීමට උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ලක්නව් නුවර අවන්හලකට ගොස් ඇති අතර එහිදී අධික ලෙස බීමත් වී තිබේ.

අනතුරුව තම කණ්ඩායමේ සිටි කාන්තා සාමාජිකාවකට නිග්‍රහ කරමින් කලහකාරී ලෙස හැසිරුණු ඔවුන් අවන්හලටද අලාබ හානි සිදු කොට තිබේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ පරීක්ෂණ මඩුල්ල, සිද්ධිය සිදු වූ අවස්ථාව රූගත කෙරුණ කැමරා පටයක් ආශ්‍රයෙන් සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් හඳුනා ගෙන ඇති අතර ඔවුන් වැඩ තහනමකට ලක් කිරීමට නියෝග කර තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර