ඇෆ්ගන් ජනාධිපතිවරණ ප්රතිඵල ඉරිදා

අවසාන ඡන්ද විමසීම් වාරය පැවත්වී තුන්මසකට පසු ජනාධිපතිවරණයේ අවසන් ප්රතිඵල ඉරිදා නිකුත් කරන බව ඇෆ්ගනිස්ථානයේ මැතිවරණ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර තිබේ.
ජනාධිපතිවරණය සඳහා තරඟ වැදුණු ප්රතිවාදී අපේක්ෂකයන් වන අෂ්රෆ් ඝාණි සහ අබ්දුල්ලා අබ්දුල්ලා යන දෙදෙනා විසින් ම ජයග්රාහකයා තමන් බවට ප්රකාශ කරනු ලැබීම හේතුවෙනුයි ඡන්ද ගණන් කිරීමේ කටයුතු වලට බාධා පැමිණියේ.
මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙහෙයවීමෙන් කෙරෙන ඡන්ද ගණන් කිරීමේ කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතින බවයි පැවසෙන්නේ.
අපේක්ෂකයන් දෙදෙන තමන් දෙදෙනා අතර බලය බෙදා ගැනීම පිළිබඳව ද සලකා බලමින් සිටින අතර එසේ බලය බෙදීමක් සිදුවන්නේ නම් ජනාධිපති තනතුර සහ මෑතක දී අලුතෙන් නිර්මාණය කළ නිලයක් වන “ප්රධාන විධායක” නම් තනතුර අතර බලය බෙදා ගැනීමකුයි සිදුවනු ඇත්තේ.