හොංකොං සිසුන් පන්ති වර්ජනයේ

Image copyright BBC CHINESE

හොංකොං හි බලපැවැත්වෙන මැතිවරණ නීති රීති වෙනස් කිරීමට චීන පරිපාලනය ගෙන ඇති පියවරට විරෝධය පා හොංකොං සරසවි සිසුවෝ සතියක පන්ති වර්ජනයක් ආරම්භ කළහ.

විශ්ව විද්‍යාල දොළහකට වැඩි ප්‍රමාණයකින් සිසුන් දහස් ගණනක් මෙම විරෝධතාවට සහභාගි වන බවයි වාර්තා වන්නේ.

මෙම විරෝධතාව දියත් වන්නේ ලබන ඔක්තෝම්බර් පළමු වැනිදා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ වීමට නියමිතව තිබියදී.

හොංකොං නායකත්වය සඳහා පැවැත්වෙන මැතිවරණයේදී හොංකොං හි පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා කටයුතු කරන නායකයන්ට මග ඇවිරීමේ අරමුණින් චීන පරිපාලනය විසින් විවෘත නාමයෝජනා ක්‍රමය ප්‍රතික්ෂේප කරනු ලැබිණි.

මින් ඉදිරියට හොංකොං නායකත්වයට තරඟ කරන්නන් සිය නාම යෝජනා චීන පරිපාලනයේ අනුමැතිය ඇතිව ඉදිරිපත් කළ යුතුයි.

ඒ සඳහා දියත් වන ශිෂ්‍ය විරෝධතාවලට විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ කාර්ය මණ්ඩලයද සහභාගී වන බවයි වාර්තා වන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර