ගුවන් ප්‍රහාරයන්ට බ්‍රිතාන්‍යයත් එක් වෙයි

  • 2014 සැප්තැම්බර් 26

ඉරාකයේ සිටින ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන්ට එරෙහිව එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් සිදු කෙරෙන ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයන්ට බ්‍රිතාන්‍යය ද එක් වීමට තීරණය කරයි.

මේ පිළිබඳව තීරණයක් ගැනීම සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව රැස් වූ අතර ඒ සඳහා ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්ද හාරසිය අසූ එකකින් සම්මත විය.

ඊට එරෙහිව හිමි වූයේ ඡන්ද හතළිස් තුනක් පමණි.

නමුත් මෙම සටන නිම කිරීමට වසර කිහිපයක් ගත විය හැකි බවට බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් අනතුරු ඇඟවීමක් කළේය.

ඉරාකයේ සිටින ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන්ට පහර දීම සඳහා ප්‍රහාරක ගුවන් යානා හතක් යවන බව ඩෙන්මාර්කය ද නිවේදනය කර තිබේ.

මේ අතරතුර බෙල්ජියම ද මෙම ගුවන් ප්‍රහාර සඳහා එක්සත් ජනපදය සමඟ එකතු වන බවට ප්‍රතිඥා දුන්නේය.