කොරියානු නායකයා රෝගාතුර වෙයි

Image copyright AFP
Image caption කොරියාවේ නායක කිම් ජොන්ග් උන්

උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් උන් රෝගාතුර වී ඇති බව උතුරු කොරියානු බලධාරීන් පිළිගෙන තිබේ.

පසුගිය සති තුන ඇතුළත උතුරු කොරියානු නායකයා ප්‍රසිද්ධියේ පෙනී නොසිටි අතර ඔහුගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ විවිධ ආරංචි පැතිරෙන්නට විය.

ඊයේ, බ්‍රහස්පතින්දා පැවති මහජන නායක රැස්වීමට සහභාගී නොවීමෙන් අනතුරුව කොරියානු නායකයාගේ අසනීප තත්වය උතුරු කොරියානු ජාතික රුපවාහිනිය විසින් නිවේදනය කරනු ලැබීය.

"අපේ සමාජවාදයේ සමෘද්ධිය සහ සෞභාග්‍යය පවතින්නේ අපේ නායකයාගේ වෙහෙසකාරී උත්සාහයට ස්තූති වන්නටයි. ඔහු අපහසුතාවයකින් පෙළුනත් ජනතාවගේ ගමන් මග දීප්තිමත් කිරීමට දැල්වෙන පහනක් මෙන් කටයුතු කරමින් ඉන්නවා" යනුවෙන් මෙම නිවේදනය රුපවාහිනිය ඔස්සේ ප්‍රචාරය කර තිබුනේ ඉතා හැගීම්බරවයි.

සිය නායකයාගේ සෞඛ්‍ය තත්වය ප්‍රසිද්ධියට පත් කිරීම උතුරු කොරියාවේ සිදු වන දුර්ලභ සිදුවීමක් ලෙසයි වාර්තා වන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර